අරක්කු භාගය බී සූර් වූ ඇදුරා පිදේනිය දෙද්දී සරමත් කඩන් වැටිලා
Thursday, 30 January 2020 - 7:51 | Views - 616

නිවසක බහිරව පිදේනියක් දීමට පැමිණි ඇදුරකු විසින් බහිරව තටුව සඳහා තිබූ අරක්කු බෝතල් භාගය පානය කිරීම නිසා පදමට වෙරි වී ඇති අතර පසුව නිවෙස් හිමියා විසින් ඇදුරා අල්ලා පොලිසියට භාරදී ඇති බැව් හික්කඩුව පොලිසිය පැවසීය.

මෙසේ පොලිසියට භාරදී ඇත්තේ යක්කලමුල්ල ප‍්‍රදේශයේ පදිංචි හැට හැවිරිදි වියේ පසුවන ඇදුරෙකි.

පොලිසිය පවසන ආකාරයට සිද්ධිය මෙසේය.

නිවෙස් හිමියා විසින් නිවසේ අය නිරතුරුව අසනීප වන බව පවසා බහිරව පිදේනියක් දීමට පැමිණෙන ලෙස යක්කලමුල්ල ප‍්‍රදේශයේ ඇදුරකුට පවසා ඇත. ඔහු බහිරව පිදේනිය ලබාදීම සඳහා රුපියල් 20000 ක මුදලක් ඉල්ලා තිබේ. නිවෙස් හිමියා එම මුදලට එකඟ වී මුලින්ම අත්තිකාරම් මුදලක් ඇදුරාට ලබාදී ඇත. පසුව වෙනත් දිනක රාත‍්‍රී කාලයේ ඇදුරා බහිරව පිදේනිය ලබාදීම සඳහා මෙකී නිවෙස් හිමියාගේ නිවසට පැමිණ ඇත. පසුව ඇදුරා විසින් බහිරව තටුවට ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකොට ඇත. බහිරව තටුවේ අරක්කු බෝතල් භාගයක් ද තබා ඇත. ඇදුරා රාත‍්‍රී ආහාර ගැනීමට පෙර බහිරව තටුවේ තිබූ අරක්කු බෝතල් භාගය පානය කොට ඇත. අරක්කු පානය කිරීමෙන් පසු ඇදුරා පදමට සූර්වී තිබේ. ඇදුරා බහිරව පිදේනිය දීමට සූදානම් වී ඇති අතර එම අවස්ථාවේ ඇදුරා ඇඳ සිටි සරම කඩාවැටී තිබේ. පදමට වෙරි වී සිටි ඇදුරා බහිරව පිදේනිය දීමට තරම් සුදුසු තත්ත්වයක සිට නැත.

පසුව නිවෙස් හිමියා විසින් බහිරව පිදේනිය දීම නතරකොට ඇදුරා පොලිසියට භාරදී ඇත. හික්කඩුව පොලිස් ස්ථානාධිපති පී. එල්. කීර්තිසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ ඇදුරා සම්බන්ධව පරීක්ෂණ පැවැත්වේ.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි - ගාල්ල

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top