බීමත් රියැදුරන් 21කට දඩ
Thursday, 30 January 2020 - 7:28 | Views - 418

මත්පැන් පානය කර රිය පැදවීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ රියැදුරන් 21 දෙනකුට රුපියල් හය ලක්ෂ තිස් දහසක දඩ මුදලක් අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්පකුමාර මහතා නියෝග කර තිබෙනවා.

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලදී එකම දිනක වැඩිම පිරිසක් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාව මෙය වූ අතර ඔවුන් ඉකුත් 27දා අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා. විනිසුරුවරයා වෙන් වෙන් වශයෙන් සැකකරුවන්ට දඩ නියම කළ අතර බීමතින් රිය පැදවීම, අපරීක්ෂාකාරීව රිය පැදවීම, වලංගු රියැදුරු බලපත්‍ර රක්ෂණ සහතිකය, ආදායම් බලපත්‍රය ඇතුළු බලපත්‍ර නොමැතිව රිය පැදවීම යන චෝදනාවන්ට ඔවුන් වරදකරුවන් වූ අතර රියැදුරු බලපත්‍ර සන්තකයේ තබාගෙන බීමතින් රිය පැදවූවන්ගේ රියැදුරු බලපත්‍ර මාස හයකට අත්හිටුවීමටද විනිසුරුවරයා නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ. 

නැවතත් බීමතින් රිය පැදවීමේ චෝදනා මත අධිකරණය හමුවට පැමිණියහොත් දැඩි දඬුවම් පමුණුවන බව විනිසුරුවරයා විවෘත අධිකරණයේ පවසා ඇති අතර මෙම රියැදුරන් 21 දෙනා අනුරාධපුර අධිකරණ බලසීමාවට අයත් අනුරාධපුර මූලස්ථාන පොලිසිය හා කොට්ඨාස රථවාහන අංශය, මැදවච්චිය, තිරප්පනය, මිහින්තලය යන පොලිස් ස්ථානවලින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

අනුරාධපුරය - මහේෂ් විජේසූරිය 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top