
මත්පැන් පානය කර රිය පැදවීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ රියැදුරන් 21 දෙනකුට රුපියල් හය ලක්ෂ තිස් දහසක දඩ මුදලක් අනුරාධපුර අතිරේක මහෙස්ත්රාත් අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්පකුමාර මහතා නියෝග කර තිබෙනවා.
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලදී එකම දිනක වැඩිම පිරිසක් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාව මෙය වූ අතර ඔවුන් ඉකුත් 27දා අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා. විනිසුරුවරයා වෙන් වෙන් වශයෙන් සැකකරුවන්ට දඩ නියම කළ අතර බීමතින් රිය පැදවීම, අපරීක්ෂාකාරීව රිය පැදවීම, වලංගු රියැදුරු බලපත්ර රක්ෂණ සහතිකය, ආදායම් බලපත්රය ඇතුළු බලපත්ර නොමැතිව රිය පැදවීම යන චෝදනාවන්ට ඔවුන් වරදකරුවන් වූ අතර රියැදුරු බලපත්ර සන්තකයේ තබාගෙන බීමතින් රිය පැදවූවන්ගේ රියැදුරු බලපත්ර මාස හයකට අත්හිටුවීමටද විනිසුරුවරයා නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
නැවතත් බීමතින් රිය පැදවීමේ චෝදනා මත අධිකරණය හමුවට පැමිණියහොත් දැඩි දඬුවම් පමුණුවන බව විනිසුරුවරයා විවෘත අධිකරණයේ පවසා ඇති අතර මෙම රියැදුරන් 21 දෙනා අනුරාධපුර අධිකරණ බලසීමාවට අයත් අනුරාධපුර මූලස්ථාන පොලිසිය හා කොට්ඨාස රථවාහන අංශය, මැදවච්චිය, තිරප්පනය, මිහින්තලය යන පොලිස් ස්ථානවලින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
අනුරාධපුරය - මහේෂ් විජේසූරිය
84 Views
105 Views
269 Views
170 Views
146 Views
158 Views
147 Views
120 Views
184 Views
137 Views
148 Views
219 Views
254 Views
707 Views
78 Views
39 Views