"කොරෝනා" නිසා වරාය අනතුරේ
Thursday, 30 January 2020 - 7:24 | Views - 1,054

ශ්‍රී  ලංකා වරාය භූමියට ඇතුළු වන සේවාදායකයන්ට කොරෝනා වයිරසයෙන් මිදීමට මේ වන තෙක් නිසි ආරක්ෂිත වැඩපිළිවෙළක් නොමැති බවත් වහාම කොළඹ, ත්‍රිකුණාමලය හා ගාල්ල වරාය භූමිය සෞඛ්‍ය ආරක්ෂිත කලාපයක් බවට පත් කළ යුතු බවත් සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ආණ්ඩුවට පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ ‘මව්බිම’ට ප්‍රකාශ කළේ වරායට අයත් භූමියට නිසි ආරක්ෂිත වැඩපිළිවෙළක් නොමැති හෙයින් නෞකා මෙහෙයුම් සිදුකරන බහාලුම් හා සම්ප්‍රදායි නැව් භාණ්ඩ බහාලුම් සේවා සිදුකරන සේවකයන්ට පැතිර යන කොරෝනා වයිරස තත්ත්වය අවබෝධ කරගැනීමට නිසි වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීම ආණ්ඩුවේ වගකීම බවයි.

විශේෂයෙන්ම වරාය අධිකාරිය යනු ජාත්‍යන්තර නාවික ක්‍ෂේත්‍රයේ ක්‍රියාත්මක ස්ථානය බැවින් ඊට ඇතුළත් වෙන නෞකා කාර්ය මණ්ඩලය වෛද්‍ය පරික්ෂාවන් කටයුතු කරන සම්ප්‍රදායි ක්‍රියාවලියක් වන අතර රෝගයට ගොදුරු වූ ආසාදිතයකු සම්බන්ධව අනුගමනය කළ යුතු වැඩපිළිවෙළක් පිළිබඳව සහ එම සේවකයන් විසින් ආසාදිතයකු රෝහල්ගත කිරීමේදී සේවක ආරක්ෂිත භාවය තහවුරු කිරීමටත් ගිලන් රථ ඊට මැදිහත්වීමේදී ආරක්ෂිත සේවයක් සැපයීමත් යන කාර්යභාරය කෙරේ බලධාරීන් දැඩි අවධානය යොමු කළයුතු බව ඔහු පෙන්වා දෙයි.

මේ සියලු කටයුතුවලට ශ්‍රී  ලංකා නාවික හමුදාව, පොලිසිය, රේගුව, වරාය අධිකාරි ආරක්ෂක කොට්ඨාසය යන ආයතන ඍජුව මැදිහත්වන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය. 

අනුරාධා හේරත්

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top