
ශ්‍රී ලංකා වරාය භූමියට ඇතුළු වන සේවාදායකයන්ට කොරෝනා වයිරසයෙන් මිදීමට මේ වන තෙක් නිසි ආරක්ෂිත වැඩපිළිවෙළක් නොමැති බවත් වහාම කොළඹ, ත්‍රිකුණාමලය හා ගාල්ල වරාය භූමිය සෞඛ්‍ය ආරක්ෂිත කලාපයක් බවට පත් කළ යුතු බවත් සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ආණ්ඩුවට පවසයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ ‘මව්බිම’ට ප්‍රකාශ කළේ වරායට අයත් භූමියට නිසි ආරක්ෂිත වැඩපිළිවෙළක් නොමැති හෙයින් නෞකා මෙහෙයුම් සිදුකරන බහාලුම් හා සම්ප්‍රදායි නැව් භාණ්ඩ බහාලුම් සේවා සිදුකරන සේවකයන්ට පැතිර යන කොරෝනා වයිරස තත්ත්වය අවබෝධ කරගැනීමට නිසි වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීම ආණ්ඩුවේ වගකීම බවයි.
විශේෂයෙන්ම වරාය අධිකාරිය යනු ජාත්‍යන්තර නාවික ක්ෂේත්රයේ ක්‍රියාත්මක ස්ථානය බැවින් ඊට ඇතුළත් වෙන නෞකා කාර්ය මණ්ඩලය වෛද්‍ය පරික්ෂාවන් කටයුතු කරන සම්ප්‍රදායි ක්‍රියාවලියක් වන අතර රෝගයට ගොදුරු වූ ආසාදිතයකු සම්බන්ධව අනුගමනය කළ යුතු වැඩපිළිවෙළක් පිළිබඳව සහ එම සේවකයන් විසින් ආසාදිතයකු රෝහල්ගත කිරීමේදී සේවක ආරක්ෂිත භාවය තහවුරු කිරීමටත් ගිලන් රථ ඊට මැදිහත්වීමේදී ආරක්ෂිත සේවයක් සැපයීමත් යන කාර්යභාරය කෙරේ බලධාරීන් දැඩි අවධානය යොමු කළයුතු බව ඔහු පෙන්වා දෙයි.
මේ සියලු කටයුතුවලට ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය, රේගුව, වරාය අධිකාරි ආරක්ෂක කොට්ඨාසය යන ආයතන ඍජුව මැදිහත්වන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
අනුරාධා හේරත්
84 Views
105 Views
269 Views
170 Views
146 Views
158 Views
147 Views
120 Views
184 Views
137 Views
148 Views
219 Views
254 Views
707 Views
78 Views
39 Views