මුහුණු ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක්
Wednesday, 29 January 2020 - 21:05 | Views - 415
වෙළඳපොළෙහි අලෙවි කිරීමට ඇති මුහුණු ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.
උද්ගතව ඇති කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් වෙළඳපොළෙහි අලෙවි කිරීමට තිබූ ඉවත දැමිය හැකි මුහුණු ආවරණ අධික මිල ගණන් යටතේ අලෙවි කරන බවට තොරතුරු වාර්තාවීම හේතුවෙනුයි සෞඛ්‍ය අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇත්තේ.
ඒ අනුව ඉවත දැමිය හැකි නොවියන ලද මුහුණු ආවරණ සහ ශල්‍ය මුහුණු ආවරණ අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 15ක්.
අංශු ශ්වසන පෙරණ මුහුණු ආවරණ රුපියල් 150ක මිලකට අලෙවි කළ යුතුයි.
මෙම මිල ගණන් ඉක්මවා අලෙවි කරන ලබන වෙළඳුන්ට සහ තොග සඟවා තබා ගන්නා වෙළඳුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.
Share This Article