කොරෝනා සමඟ වැඩි මිලට මුඛ ආවරණ අලෙවි වෙද්දී, සිංගප්පූරුවේ හිමි නමකගෙන් ලංකාවේ අයට ලැබුණු දේ මෙන්න
මාරාන්තික කොරෝනා වෛරසය ආසාධිත අයෙකු ලංකාවෙන් හමුවීමත් සමඟ එයින් ආරක්ෂා වීම සඳහා වන මුඛ ආවරණ (මාස්ක්) මිලදී ගැනීමට අපේ රටේ බොහෝ පිරිසක් පෙළඹුණා.
කෙසේ වෙතත්, පසුගිය දිනෙක මෙම මුඛ ආවරණ වැඩි මිලකට අලෙවි කරන බවට ද වාර්තා පළවුණා. ජනතාව චෝදනා කළේ, රුපියල් 10 - 15 මුඛ ආවරණ රුපියල් 500 - 1000 යනාදි මිල ගණන් දක්වා වැඩි කර අලෙවි කරන බවයි.
කෙසේ වෙතත්, මෙලෙස පීඩාවට පත් මෙරට ජනතාවට අවශ්‍ය මුඛ ආවරණ තොගයක් එවීමට සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ අනුශාසක ආචාර්ය කරදෙටියන ගුණරතන හිමියන් කටයුතු කොට තිබුණා.
ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලයේ සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සාමාජිකයින් විසින් අදාළ මුඛ ආවරණ ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
දැනට සිංගප්පූරුවේ වැඩ වසන වවුනියාව පිරප්පම්මඩුව ශ්‍රී පඤ්ඤානන්ද විහාරාස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ළිඳවැව අමරජෝති නාහිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිය කර මතින් මුඛ ආවරණ පෙට්ටි රැගෙනවිත් මෙරටට එවන ලබන ඡායාරූප කිහිපයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
එම ඡායාරූප පහතින් බලන්න....