කොරෝනා සමඟ වැඩි මිලට මුඛ ආවරණ අලෙවි වෙද්දී, සිංගප්පූරුවේ හිමි නමකගෙන් ලංකාවේ අයට ලැබුණු දේ මෙන්න
Wednesday, 29 January 2020 - 16:22 | Views - 348
මාරාන්තික කොරෝනා වෛරසය ආසාධිත අයෙකු ලංකාවෙන් හමුවීමත් සමඟ එයින් ආරක්ෂා වීම සඳහා වන මුඛ ආවරණ (මාස්ක්) මිලදී ගැනීමට අපේ රටේ බොහෝ පිරිසක් පෙළඹුණා.

කෙසේ වෙතත්, පසුගිය දිනෙක මෙම මුඛ ආවරණ වැඩි මිලකට අලෙවි කරන බවට ද වාර්තා පළවුණා. ජනතාව චෝදනා කළේ, රුපියල් 10 - 15 මුඛ ආවරණ රුපියල් 500 - 1000 යනාදි මිල ගණන් දක්වා වැඩි කර අලෙවි කරන බවයි.

කෙසේ වෙතත්, මෙලෙස පීඩාවට පත් මෙරට ජනතාවට අවශ්‍ය මුඛ ආවරණ තොගයක් එවීමට සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ අනුශාසක ආචාර්ය කරදෙටියන ගුණරතන හිමියන් කටයුතු කොට තිබුණා.

ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලයේ සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සාමාජිකයින් විසින් අදාළ මුඛ ආවරණ ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

දැනට සිංගප්පූරුවේ වැඩ වසන වවුනියාව පිරප්පම්මඩුව ශ්‍රී පඤ්ඤානන්ද විහාරාස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ළිඳවැව අමරජෝති නාහිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිය කර මතින් මුඛ ආවරණ පෙට්ටි රැගෙනවිත් මෙරටට එවන ලබන ඡායාරූප කිහිපයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

එම ඡායාරූප පහතින් බලන්න....
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top