පිටකොටුව අවට රථ වාහන තදබදයක්
Wednesday, 29 January 2020 - 14:40 | Views - 805
අන්තර් උසස් ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව සිදුකරන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ - පිටකොටුව අවට මේ වනවිට රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා.
මරදාන ටෙක්නිකල් මංසන්ධියෙන් අද දහවල් ඔවුන් විරෝධතා පාගමන ආරම්භ කළේ අදාළ පාඨමාලාව යළි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අන්තර්ග්‍රහණය කරන ලෙස බලකරමින්.
Share This Article