කොරෝනා වෛරසය ගැන සංචාරක ක්ෂේත්‍රයේ සියලු පාර්ශව දැනුවත් කිරීමට පියවර
Wednesday, 29 January 2020 - 14:04 | Views - 318
කොරෝනා වෛරසය පිළිබඳව මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සියලුම පාර්ශව දැනුවත් කිරීමට පියවර ගන්නා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
ඒ අනුව, හෝටල් හා ලැගුම්හල් හිමියන්, ඒවායේ සේවකයින්, සංචාරක මඟ පෙන්වන්නන්, කුලී රථ රියදුරන් සහ සංචාරක ත්‍රිරෝද රථ රියදුරන් මේ යටතේ දැනුවත් කිරීමට නියමිතයි.
එමෙන්ම, කොරෝනා ආසාදිත චීන කාන්තාව රැදී සිටි බව කියන හෝටල්, ඇය ගැවසුණු ස්ථාන මෙන්ම, එම කාන්තාව ඇතුළු කණ්ඩායමට මඟ පෙන්වූවන් පිළිබඳ සියලුම තොරතුරු ද සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදී තිබෙනවා.
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති හෝටල් සංඛ්‍යාව 2000 කට ආසන්න වන අතර, එලෙස ලියාපදිංචි නොවූ හෝටල්, ලැගුම්හල් හා වෙනත් ආයතන 2000 ක් පමණ රට පුරා ව්‍යාප්තව පවතිනවා.
Share This Article