'කෑමබීම ගන්න එළියට යන්න බයයි අපිට' -පැය 12කට ආසන්න ප්‍රමාණයක් අපි ගුවන්තොටුපලේ හිටියා [Video]
Wednesday, 29 January 2020 - 11:38 | Views - 875
අද අලුයම 5.10ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 881 දරණ යානයෙන් චීනයේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම පිරිසගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කළ ගුවන් තොටුපළ වෛද්‍යවරුන් ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන නිසා නිවෙස් කරා යොමු කර ඇති බවයි ගුවන් තොටුපළ කාර්ය භාර නිළධාරීවරයා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සදහන් කළේ.

චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ.කේ. යෝගානන්දන් සදහන් කළේ චීනයේ ඉගෙනුම ලබන සිසුන් 380 දෙනෙකු මේ වන විට දිවයිනට පැමිණ ඇති බවයි.

එමෙන්ම තවත් 484 දෙනෙකු දිවයිනට පැමිණීමට නියමිත බව ද ඔහු සදහන් කළා.

මේ අතර ඊයේ පස්වරුවේද 6.20ට ග්වැන්ෂෝ සිට පැමිණි චයිනා සදර්න් ගුවන් සේවයේ සී ඉසෙඩ් 359 දරණ යානයෙන් සහ එයාර් චයිනා ගුවන් සේවයේ සී.ඒ. 425 දරණ යානයෙන් එරට ඉගෙනුම ලබමින් සිටි 68 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළට පැමිණි බවයි ගුවන් තොටුපළ සෞඛ්‍ය ඒකකය සඳහන් කළේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top