07 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පාකිස්ථානයේ සියරාන් කකා සාහිබ් ප්‍රදේශයේදී මෙසේ ඇයව දූෂණය කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.
එක මියන් යූසුෆ් නම් එම දැරියගේ පියා දින කිහිපයකට පෙර පොලීසියට පැමිණිලි කර තිබුණේ තම දියණිය අතුරුදහන්ව ඇති බවයි.
ඉන් අනතුරුව පවුලේ පිරිස් එක්ව ඇයව සොයා බැලුවත් සොයාගත නොහැකිව තිබෙනවා.
දැරිය සොයා ගැනීම සඳහා මුස්ලිම් පල්ලිවලින් පවා නිවේදන නිකුත් කර ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.
මේ අතරවාරයේ බාලවස්කාර දැරියකගේ ගෙල සිරකර මරා දැමීමට උත්සහ කරන පුද්ගලයින් දෙදෙනෙකු දුටු ප්‍රදේශවාසීන් පිරිසක් ඔවුන්ව වළකන්න පැමිණෙද්දි ඔවුන් විසින් එම දැරිය අසළ තිබූ පොකුණට දමා පලාගොස් තිබෙනවා.
ඇයව වතුරෙන් ගොඩට ගත් නමුත්, ඇය ඒ වන විටත් අවසන් ගමන් ගොස් සිටියා. ඇය අතුරුදහන් වූ දැරිය බවටයි පසුව පොලීසිය හඳුනාගත්තේ.
කෙසේ වෙතත් වෛද්‍ය පරීක්ෂණයේදී දැරිය දූෂණය කර ඇති බව අනාවරණය වී තිබුණා.
ප්‍රදේශවාසීන් විසින් මෙම අපරාධය සිදු කළ පුද්ගලයින්ව අල්ලාගෙන ඇති අතර පසුව පොලීසිය මැදිහත් වී එම අපරාධකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
මේ අතර මෙම සිදුවීම අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සෙ පැතිර යන්නට පටන් ගැනීමත් සමඟ දැරියගේ මරණය වෙනුවෙන් සාධාරණත්වය ඉල්ලා බොහෝ පිරිසක් සංවේදී සටහන් තබා තිබුණා. ඒ අතර ජනප්‍රිය කලා ශිල්පීන්ද සිටින බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ.