ශ්‍රී ලංකාව 122/2යි
Wednesday, 29 January 2020 - 10:18 | Views - 488
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.
දෙවන දිනය ඊයේ නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 122ක් ලබා සිටියා.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 406ක්.
සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කළ නායක ෂෝන් විලියම්ස් ලකුණු 107ක් ලබා ගත්තා.
පසුව පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය නිමාවන විට කඩුලු 2ක් දැවී ලකුණු 122ක් ලබා සිටිනවා.
Share This Article