නවත්වන්න පෙර බසයේ ඉදිරි දොරෙන් පැන්න තරුණයා එම බසයටම යටවී මරුට
Wednesday, 29 January 2020 - 9:42 | Views - 779
කොළඹ සිට මීගමුව බලා ධාවනය වෙමින් තිබු මාර්`ග අංක 240 බස් රථයකින් කටුනායක ගුවන්තොටුපල ආරක්ෂක කලාපයේදී බස් රථයේ ඉදිරි දොරෙන් පනින්න ගිය තරුණයෙකුගේ ඉලක්කය වැරදී ගොස් එම බස් රථයේම ඉදිරිපස රෝදයට හසුවී සිරුර කොටස්වලට කැඞීබිඳී ගොස් එම ස්ථානයේදීම මියගිය පුවතක් කටුනායක පොලීසියෙන් අනාවරණය වේ.
මෙලෙස මියගොස් ඇත්තේ අංක 29 මැදවෙල මන්දාරම්නුවර පදිංචි 28 හැවිරිදි තරුණයෙකි. බස් රථයේ රියදුරු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරෙන් මියගිය තරුණයාගේ සිරුර ඉදිරි පරීක්ෂණ පැවැත්වීම සඳහා මීගමුව රෝහලේ වෙත බාරදී ඇත.
මෙම අනතුර පිළිබඳ කටුනායක පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ. ආර්. කන්නන්ගර මහතා පොලිස් සැරයන් 45399 සුනිමල්, පොලිස් කොස්තාපල් 32279 අකිල යන අය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
Share This Article