චීනයේ සිට පැමිණෙන ඕස්ට්‍රේලියානු ජාතිකයින් රදවා තැබීමට ක්‍රිස්මස් දූපතේ පහසුකම් සලසයි
Wednesday, 29 January 2020 - 9:32 | Views - 551
චීනයේ වූහාන් නගරයේ සිට යළි ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නා ඕස්ට්‍රේලියානු ජාතිකයින් තාවකාලිකව වෙනම ස්ථානයක රදවා තැබීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ අනුව ක්‍රිස්මස් දූපතේ ඊට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව සති දෙකක කාලසීමාවක් මෙලෙස ඔවුන් එහි රදවා තබා පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කළේ.
Share This Article