රෝගීන් වෙනුවෙන් දිවා රෑ කැපවුණු වෛද්‍යවරිය, තමාට තවදුරටත් එය සිදු කළ නොහැකියි බව කියා හඬා වැළපෙයි-[Video]
Wednesday, 29 January 2020 - 8:48 | Views - 3,650
මේ වනවිට ලෝකෙම කතාබහ කරන එකම මාතෘකාව කොරෝනා වෛරසයයි.

චීන මාධ්‍ය වාර්තා කරන අන්දමට මේ වනවිට මෙම වෛරසයෙන් බිලිගත් ජීවිත සංඛ්‍යාව 100 ඉක්මවා තිබෙනවා.
 
කෙසේ වෙතත් කොරෝනා රෝගය ව්‍යාප්තිය ආරම්භ වූ වූහාන්හි එම රෝගීන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරියක් හඬා වැටෙන සංවේදී වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වනවා.

රෝගීන් වෙනුවෙන් දිවා රෑ කැපවුණු එම වෛද්‍යවරිය තමාට තවදුරටත් එය සිදු කළ නොහැකි බව පවසමිනුයි මෙසේ හඬා වැටෙන්නේ.
 
වූහාන් රෝහලේ සිටින රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා චීන රජය පළාත් රැසකින් හමුදා වෛද්‍යවරු රැසක් එහි යවා තිබෙනවා.
 
මේ අතර වූහාන් ආණ්ඩුකාරවරයා ඖෂධ හිඟයක් ගැන සඳහන් කර තිබූ අතර ඒ වෙනුවෙන් ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ වූ පුවතක්ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
 
කෙසේ වෙතත්, වූහාන් හි කොරෝනා නිසා මරු වැළඳගන්නා පිරිස් ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර අසාධිතයින් 6000 ඉක්මවා තිබෙනවා.
 
මෙහිදී එහි වෛද්‍යවරුන් රෝගීන් වෙනුවෙන් මනා කැප කිරීමක් සිදුකරන අතර, එහිදී වෙහෙසට පත් වූ වෛද්‍යවරුන් ද වීඩියෝවේ දැකගත හැකි වනවා.
 
විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී තමාට උදව් නොකිරීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු කළමණාකරුවෙකුට බැන වදින ආකාරයක්ද වීඩියෝවේ දැක්වෙනවා.
 
එම වීඩියෝ දර්ශණය පහතින් බලන්න....



Image result for Doctors treating Coronavirus break down crying after days without sleep
Image result for Doctors treating Coronavirus break down crying after days without sleep
Image result for Doctors treating Coronavirus break down crying after days without sleep
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top