බිරිඳ පෙම්වතා සම‍ඟ කාමරයක්‌ තුළ සිටියදී සැමියා පහර දීලා
Wednesday, 29 January 2020 - 8:33 | Views - 1,666
අනියම් පෙමක්‌ අතට හසුවීම නිසා පෙම්වතාට හා බිරිඳට එල්ල කළ පහරදීමකින් බිරිඳ රෝහල් ගත කර සැකකාර සැමියා පොලිස්‌ අත්අඩංගුවට පත්වීමක්‌ ගල්ගමුව පොලිසියෙන් වාර්තා වේ.
 
 අඹු - සැමි යුවළක්‌ අතර ඇතිවූ බහින්බස්‌වීමක්‌ දුර දිගයැම නිසා අදාළ කාන්තාව තම දරු දෙදෙනාත් රැගෙන ඇගේ මවුපියන්ගේ නිවස වෙත ගොස්‌ ඇත. මවුපියන්ගේ නිවසේ ජීවත්ව සිටින විට ඇය වෙනත් පුද්ගලයකු සමග අනියම් සබඳතාවක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති බව කියයි.
 
 මීට දින කිහිපයකට පෙර මෙම කාන්තාව හා ඇගේ අනියම් සැමියා නිවසක කාමරයක්‌ තුළ සිටින විට එම ප්‍රදේශයේ පුද්ගලයන් විසින් නිවස වටකර මොවුන් දෙදෙනා අල්ලා ගෙන තිබේ. එහිදී එල්ල කර ඇති පහරදීම හේතුවෙන් කාන්තාව ගල්ගමුව රෝහලට ඇතුළත් කර ඇත. පෙම්වතා ඉන් පලා යැමට උත්සාහ දැරීමේදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා ඔහු පොලිසියට භාරදී ඇත.
 
 සැකකාර අනියම් පෙම්වතා දරු තිදෙනෙකුගේ පියකු බව කියයි. සිදුවීම ගල්ගමුව, පාලුකඩවල, ජාගම ප්‍රදේශයේදී සිදුව ඇති බව පොලිසිය කියයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top