
සමහර දවස්වලට උදේම නැඟිටින එක, මූණ හෝදගන්න එක, දවසේ සාමාන්‍ය, එදිනෙදා වැඩ ටික කරගන්න එක මහා කරදරයක් කියලා අපි හැමෝටම දැනෙන්න පුළුවන්. ඒ වගේ ම කරන්න ම ඕනේ දෙයක් කරන්න තියෙද්දී ඒක කරන්න බෑම හිතෙන එකත් හැමෝටම පොදු දෙයක්. අනිත් දවස්වල අමාරුවෙන් හරි නැඟිටලා වැඩ ටික කරගත්තත් විශේෂයෙන් කරන්න ම දෙයක් තියෙද්දී ඇඟට, හිතට දැනෙන කම්මැළිකම නම් වචනයෙන් විස්තර කරන්න බැහැ. නමුත් ඒ හින්දා අපි අපේ වැඩ මඟහැර ගන්නවා නම් ඉන් අපිට වෙන පාඩුව සමහර විට කවදාවත් ආපහු පියවගන්න බැරි විය හැකියි. මේක වෙනස් කරගන්න ඕනේ නම් රාජාලියෙක් වෙන්න කියලා මම ඔබට යෝජනා කළොත්, අනිවාර්යයෙන් ම ඔබ හිතයි ඒ මොකට ද කියලා.
රාජාලියා කියන්නේ කුරුලු ලෝකේ ඉන්න අති සුවිශේෂී පක්ෂියෙක්. ඒ රාජාලියා දක්ෂ දඩයක්කරුවෙක් වෙන නිසාවත්, උජාරු පෙනුමක් තියෙන නිසාවත් නොවෙයි. අහසේ සැරිසරමින් ඉතාමත් නිදහස්කාමී ජීවිතයක් ගත කරනවා වගේ අපට පෙනුණට රාජාලියාගේ ජීවිතය ඒ තරම් පහසු එකක් නෙමෙයි. රාජාලියාගේ ජීවිතේ එක්තරා කාලයක් එනවා උගේ හොටය වකුටු වෙන. ඒ වගේ ම උෟගේ නිය සතකු දඩයම් කරන්නට කොහෙත්ම බැරි විදියට නැවී යන. මේ කාලයේදී රාජාලියාට සිදු කළ හැකි තෝරා ගැනීම් දෙකක් තියෙනවා. ඉන් පළමුවැන්න දඩයම් කළ නොහැකි නිසා කුසගින්නේ සිට මරණය වැලඳගැනීමයි. දෙවැන්න තමා ම හොටය, නිය සහ පිහාටු ගලවාගෙන දින 150ක් වැනි කාලයක් දුෂ්කර ක්‍රියාවේ නියැළී ජීවිතය තෝරා ගැනීමයි. රාජාලියා මෙහිදී සිද්ධ කරන්නේ උස ගල් කුලක් මතට ගිහින් උෟගේ හොටය ගෙවී යන තුරු ගලෙහි අතුල්ලන එක. මේක පහසු හෝ විනෝදකාමී කටයුත්තක් නෙමෙයි. ඉතා ම අපහසු, වේදනාකාරී ක්‍රියාවක්. හොටය ගෙවා ගත්තට පසුව උෟ කරන්නේ තමාගේ ම නිය එකින් එක ගලවා දැමීමයි. ඉන් අනතුරුව පිහාටු ද එකින් එක ගළවා දමනවා. අවසානයේ රාජාලියා මාස පහක පමණ කාලයක් එක ම තැනට වී ජීවිතය බේරා ගැනීමේ අඛණ්ඩ අරගලයක නියැළෙනවා. මේ කාලය අවසන් වීමෙන් අනතුරුව නැවතත් රාජාලියා ශක්තිමත්ව තම ජීවිතයේ ඉතිරි අවධිය ගෙවා දමනවා.
ජීවත් වීම කිසිවකුට පහසු කටයුත්තක් නෙවෙයි. අපි හැමදෙන ම ජීවත් වීම නමැති නොනවතින අරගලයේ නියැළී ඉන්නවා. මේ ලෝකවාසී සියලුදෙනාට ම විවිධ මට්ටමේ, විවිධ ගැටලු තියෙනවා. නමුත් ඒ සෑම තැනකදී ම අපි ජීවිතය තෝරා ගන්නවාද කියන එක ලොකු ගැටලුවක්. අද වෙද්දී ශ්‍රී ලංකාව සියදිවි නසාගැනීම් නිසා ලෝකයේ කුප්‍රකට වී අවසානයි. සියදිවි නසාගැනීමට කෙනෙක්ට විවිධාකාරයේ හේතු තියෙන්නට පුළුවන්. නමුත් සෑමවිට ම එය ජීවත් වීමට ඇති හේතු එක්ක සංසන්දනය කිරීමේදී එය ඉතාමත් සුළු දෙයක් විතරයි. ජීවත් වීමට තරම් මේ ලෝකය තුළ හේතු ඇති වෙනත් කිසි දෙයක් නැහැ. රාජාලියාට ඉතාමත් පහසුවෙන් මරණය තෝරා ගැනීමට හැකි අවස්ථාවේදී පවා උෟ අපහසුවෙන් හෝ ජීවිතය තෝරා ගන්නවා. සත්ත්වයකු වශයෙන් රාජාලියා ජීවිතයට දෙන වටිනාකමවත් වඩා දියුණු මනසක් ඇති මනුෂ්‍යයන් වශයෙන් අපි ජීවිතයට ලබා නොදීම ඉතාමත් කනගාටුවට කරුණක්. රිය අනතුරු වැනි දේ සම්බන්ධයෙන් සැලකුවත් තත්ත්වය එසේමයි. වේගයෙන් රිය පදවන විටක වුවත් වේගය පාලනය කිරීම තුළ පවා ඇත්තේ ජීවිතය තෝරා ගැනීමයි. රාජාලියාට අෑත සිට මරණය ද පෙනෙද්දී ම ජීවිතය වෙනුවෙන් අරගල කිරීමට සූදානම් වීම ඊට සමාන දෙයක්.
එදිනෙදා ජීවිතයේ සිදු කරන කටයුතුවලදී පවා අපි මහන්සියෙන් වැඩ කරන්නට කම්මැළි වෙනවා. යමක් කිරීමට ඇති හේතු දහසකට ඉහළින් යමක් නොකර සිටීමට ඇති එක හේතුවක් අපි තෝරා ගන්නවා. සරල උදාහරණයක් විදිහට ඉතාමත් හොඳින් කාලය ගෙන සිදුකළ හැකි කටයුත්තක් තවත් කල් ඇති බව සිතමින් දිනෙන් දින කල් අරිමින් සිටීම දක්වන්න පුළුවන්. අවසානයේ ඉතාමත් හොඳින් කළ හැකිව තිබූ දෙය උඩින් පල්ලෙන් සිදුකර අසම්පූර්ණව අවසන් කිරීම තමා අතින් ම සිදුවෙනවා. එවැනි දේ සම්බන්ධව පසුව පසුතැවී වැඩක් නැහැ. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නෑ කියන්නේ එකටයි. සමහර විට එමඟින් ජීවිතයට හිමිවීමට තිබූ වටිනා දැනුම් ප්‍රමාණයක්, වටිනා අත්දැකීම් ප්‍රමාණයක්, සදහට ම මඟහැරී යන්නට පුළුවන්. උදාහරණයක් විදිහට රාජාලියා තමාට කල් ඇති බව සිතමින් කාලය ගෙවා දැමුවා නම් සිදුවන දෙය ඔබට පරිකල්පනය කළ හැකියි.
රාජාලියා දින 150ක පමණ කාලයක්, එනම් මාස 05ක පමණ කාලයක් එක ම තැන රැෙ¾දමින්, ඉතා අපහසු කාලපරිච්ඡේදයක් ගෙවා දමනවා. ඉවසීම පිළිබඳව මීට වඩා හොඳ උදාහරණයක් අපට සොයාගත නොහැකි තරම්. ඉවසීම බොහෝ විට වේදනාත්මකයි. නමුත් එහි අවසාන ඵලය බොහෝ රසවත් මෙන්ම සතුට උපදවනසුලුයි. මේ තරම් කාලයක් එක තැන රැඳී සිටීම නිශ්ඵල බව සිතමින් මරණය බලාපොරොත්තුවෙන් ඉන්නා රාජාලියකු පිළිබඳ මොහොතක් හිතන්න. එය ම හාස්‍යජනක සිදුවීමක් විදිහට ඔබට පෙනෙවා නේද ? එමෙන්ම අප ද ජීවිතයේ යමක් සිදු කර ඒ මොහොතේ ම ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා නම් හෝ ඒ මොහොතේ ප්‍රතිඵල නොලැබීම නිසා යමක් නොකර සිටීම සම්බන්ධයෙන් සිතන විට එය ද හාස්‍යජනක වෙනවා. කුඩා කාලයේ ඇවිදීමට හුරුවීම අපහසු යැයි සිතා අපි නොඇවිද සිටියා නම්, අද ඔබේත් මගේත් තත්ත්වය කුමක් වෙන්නට තිබුණා ද? අපගේ ක්‍රියාවන් කාලය සමඟ මුසු වූ විට ප්‍රබල ඵලයන් ජීවිතයට ලබා දෙන බව අප තේරුම්ගත යුතු වෙනවා. ලෝකයේ රසවත් ම හා මිල අධික ම වයින් යනු කාලයක් පුරා පැසුණු ඒවා බව ද අප නොදන්නා දෙයක් නෙවේ.
අපගේ ජීවිතය සුන්දර කරනු ලබන්නේ අත්දැකීම් විසිනුයි. නැත්නම් ඒ අත්දැකීමේ මිහිරි, අමිහිරි බව නොවේ. කුමනාකාරයේ අත්දැකීමක් වුණත් අපට ගෙන දෙන්නේ පන්නරයක් මිස වෙනත් කිසිවක් නෙවෙයි. රාජාලියා වේදනාව අත්දැකීමට බිය වූවා නම් උෟට අත්වන්නේ මරණයයි. එ් වගේ ම අපි අත්දැකීම්වලට බියවීම තුළ ඇති වන්නේ ද ඒ හා සමාන යමක් පමණයි. එන්න; අපි හැම මොහොතකම රාජාලියෝ වගේ ජීවත් වෙමු.
මල්කි ඇන්ඩෘෘස්
85 Views
105 Views
269 Views
170 Views
146 Views
158 Views
147 Views
120 Views
184 Views
137 Views
148 Views
219 Views
254 Views
707 Views
78 Views
40 Views