චීන ජාතිකයින්ට ස්වයංක්‍රීය වීසා ලබාදීමේ ක්‍රමය අත්හිටුවයි - අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි
Tuesday, 28 January 2020 - 21:48 | Views - 347
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, චීන ජාතිකයින්ට මෙරටට පැමිණීමට ඔන් ලයින් තාක්ෂණය ඔස්සේ ස්වයංක්‍රීය වීසා ලබාදීමේ ක්‍රමය අත්හිටුවා ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.පවතින කොරෝනා වෛරස් අවධානම පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ ගුවන්තොටුපළින් මෙරටට පැමිණෙන සියලු මගීන් දැඩි පරික්ෂාවට ලක් වන බවයි.මේ අතර, වූහාන් සිට පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන් දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අදහස් පළ කළා.
Share This Article