කොරෝනා කඩිනමින් තුරන් නොවනු ඇති බව විශේෂඥයින්ගෙන් අනාවැකි
Tuesday, 28 January 2020 - 19:25 | Views - 623
චීනයෙන් බිහි වූ මාරාන්තික නව කොරෝනා වෛරසය කඩිනමින් මෙලොවින් තුරන් නොවනු ඇති බව වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා.

කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඬේවිඞ් ෆිස්මාන් පවසන පරිදි එය අවම වශයෙන් මාස කිහිපයක් හෝ ලොව පුරා සංසරණය වෙමින් පවතිනු ඇති.

එසේම වෛරසයේ අවදානම ඉදිරි සතියේ හෝ මාසයේදී අවසන් වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවයි කොරෝනා වෛරසය පිළිබද මාර්ගගත පුවරුවක් පවත්වාගෙන යන නෝර්ත්ඊස්ට් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇලෙසෙන්ඩ්‍රෝ වෙස්පිගානි ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් බීජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්ය මා - චුන්ග් - වූ ප්‍රකාශ කළේ කෙටි කළක් තුළ රෝගය සම්පූර්ණයෙන් පාලනය කිරීමට හැකිවනු ඇති බවයි.

මේ වනවිට චීනයේ මරණ 106 ක් වාර්තා වන අතර ආසාදිත සංඛ්‍යාව 4500 කට අධිකයි. මහාචාර්ය වෙස්පිගානි පෙන්වා දෙන පරිදි චීනයේ පමණක් කොරෝනා වෛරස ආසාදිත සංඛ්‍යාව 25,000 ඉක්මවනු ඇති.

එහෙත්, හොංකොං විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සදහන් කළේ එම සංඛ්‍යාව 40,000 ඉක්මවා තිබිය හැකි බවයි.

මේ අතර කොරෝනා වෛරසයෙන් වැළකී සිටීම සඳහා එම වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි ප්‍රතිජීවක ඖෂධයක් සොයාගෙන ඇති බවද අද වාර්තා වුණා.

ෂැංහයි ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින් හඳුන්වා දී ඇති මෙම ප්‍රතිජීවක ඖෂධය දියරක් ලෙසින් උගුරට ඉසීමට කටයුතු කරන බවයි චීනයේ පීපල්ස් ඬේලි පුවත්පත ප්‍රකාශ කළේ.

එමෙන්ම කොරෝනා වෛරසය කේන්ද්‍ර ගත වී ඇති චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයේ සිර වී සිටින සිය වැසියන් ඉවත් කර ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ජපානය ඇතුළු රටවල් කළ ඉල්ලීම්වලට චීන බලධාරීන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

ලක් රජය ද වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීම සඳහා ගුවන් යානයක් ගොඩබැස්සවීමට අවසර ඉල්ලා තිබෙනවා.

මේ අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවන චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට පැමිණෙන පුද්ගලයින් දින 14 ක් නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා නිරීක්ෂණය කිරීමට බීජිං සහ ෂැංහයි පාලනාධිකාරිය පියවර ගෙන ඇති බව සඳහන්.

වූහාන් ඇතුළු හුබෙයි ප්‍රාන්තයේ ප්‍රධාන නගර සියල්ල මේ වන විට වසා දමා ඇති අතර, මිලියන 11ක ජනගහනයකින් යුත් එම නගරයේ විදේශිකයන් විශාල පිරිසක් සිටින බව සඳහන්.

එය සාපේක්ෂව අඩු වී ඇත්තේ ලූනා නව වසරේ නිවාඩුවට පෙර ඔවුන් ඉන් පිටවීම හේතුවෙන්.

එසේම ආසාදිතයින්ට ප්‍රතිකාර සඳහා දින 15 කින් ඉදි කෙරෙන ඇඳන් දහසකින් සමන්විත රෝහලේ පළමු වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් අවසන් වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය කියා සිටියේ.

කොරෝනා ආසාදනය වූ බවට සැක කෙරෙන මවක් වුහාන් හි රෝහලකදී සාර්ථකව දරු උපතක් සිදුකළ බව ද චීන මාධ්‍ය වාර්තා කළා.

මේ අතර කොරෝනා වෛරසය පාලනය කිරීමට චීනය ගන්නා ක්‍රියාමාර්ග එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇගයීමට ලක්ව ඇති අතර, එහි මහලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසන්නේ ඒ සඳහා චීනයට ඇති හැකියාව පිළිබඳ තමන්ට පූර්ණ විශ්වාසයක් තිබෙන බවයි.

වූහාන් නගරයේ සිටින සිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඉවත් කර ගැනීම සඳහා ඇමරිකාව ගුවන් යානයක් යැවූ අතර එය නික්මීම කල් දැමීමටයි චීන බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

කසකස්ථානය ද එරටට ඇතුළු වන චීන ජාතිකයින්ට වීසා ලබාදීම සදහා වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබෙනවා.

කසකස්ථානය විසින් ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස චීන ජාතිකයින්ට ගුවන්තොටුපලේදී වීසා නිකුත් කිරීම අත්හිටුවීමට ද පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.  

මේ අතර බීජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්ය මා - චුන්ග් - වූ ප්‍රකාශ කළේ කෙටි කළක් තුළ රෝගය සම්පූර්ණයෙන් පාලනය කිරීමට හැකිවනු ඇති බවයි.  
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top