චීනයේ නගර 53 ක වැසියන්ට වීසා නීති දැඩිවෙයි
Tuesday, 28 January 2020 - 16:09 | Views - 977
චීනයේ නගර 53 ක සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට පූර්ව වීසා අයදුම් කිරීමකින් තොරව මෙරටට ඇතුලූවීමට අවසර ලබා නොදෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
චීනයේ පැතිර යන මාරාන්තික කොරෝනා වෛරසය පිළිබඳව සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාව දකුණු පළාතේ රැඳී සිටි ස්ථාන හඳුනාගත් පසු ඒ පිළිබඳව සොයාබැලීමට කටයුතු කරන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම චීන ජාතික කාන්තාව මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ අංගොඩ පිහිටි අයි.ඞී.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේයි.
Share This Article