සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ 61 දෙනා යළි රිමාන්ඩ්
Tuesday, 28 January 2020 - 16:07 | Views - 800
තහනම් ත්රස්ත සංවිධානයක් වන ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් යටතේ අවි පුහුණුව ලැබූ 61 දෙනා ලබන මස 11 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, සැකකරුවන් අද මඩකලපුව වැඩබලන මහේස්ත්රාත් එස්. තියාගේස්වරන් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.
නුවරඑළියේ පිහිටි ජාතික තවුහිද් ජමාත් මූලස්ථානයේ පුහුණුව ලබා ඇති මොවුන් මඩකලපුව - කාත්තන්කුඩි ප්රදේශයේ පදිංචිකරුවන්.
Share This Article