බදුල්ලේ දෙදරු මවක් කපා කොටා ඝාතනය කරයි
Tuesday, 28 January 2020 - 14:16 | Views - 742

බදුල්ල ,කයිලගොඩ විහාරස්ථානයට නුදුරු ,  දෙමහල් නිවසක උඩුමහලේදි  අද  පෙ.ව. 9.30  පමණ  (46)  හැවිරිදි කාන්තාවක් පිහියකින් කපා ඝාතනය කර ඇතැයි බදුල්ල පොලීසිය පවසයි .

මෙසේ ඝාතනය කර ඇත්තේ අංගප්පන් ගෞරි නැමති දෙදරු මවකි .

සිය නිවසේ මුළුතැන්ගෙය ඉදිරියේ ඇති කොරිඩෝවේ  බරපතළ  කැපුම් තුවාල සහිතව ලේ විලක් මැද වැටී සිටි ඇය අසල්වැසියන් හා පොලීසිය විසින් බදුල්ල මහරෝහලට රැගෙන ගොස් තිබේ .

ඒ වන විටත් ඇය මියගොස් සිටි බව බදුල්ල මහ රෝහලේ  හදිසි ප්‍රතිකාර අංශයේ  වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .

මෙම කාන්තාව කෑගසන හඬ ඇසී  පහත  මහලේ සිටි කාන්තාවක් ඒ දෙසට දිවගියත් ඒ වනවිටත් අපරාධකරු පළායමින් සිටිනු දැක ඇතැයි විමර්ශන වලදී අනාවරණය වූ බවද පොලීසිය සඳහන් කරයි.

මෙම කාන්තාවගේ සැමියා බදුල්ල නගරයේ ‍වෙළඳසැල් හිමිකරුවෙකි. වැඩිමහල් පුතා විදේශ රටක  ඉගෙනුම ලබන  අතර අනෙක් පුතා බදුල්ලේ  ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලබයි.

සිද්ධිය වන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ මෙම කාන්තාව පමණක් බවද විමර්ශන වලදි අනාවරණය වි  තිබේ .

පළාගිය සැකකරු සොයා බදුල්ල පොලීසිය  අද  සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය .

බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත , සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර හා බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ වනිගසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂක මංගල ජයතිලක මහතා ඇතුලු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරති.

බදුල්ලේ - පාලිත ආරියවංශ

ලංකාදීප 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top