කොරෝනා වෛරස් අවදානම මාස ගණනක් පවතින ලකුණු, වෛද්‍ය විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්
Tuesday, 28 January 2020 - 14:04 | Views - 569
චීනයෙන් බිහි වූ මාරාන්තික නව කොරෝනා වෛරසය කඩිනමින් මෙලොවින් තුරන් නොවනු ඇති බව වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා.

කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ෆිස්මාන් පවසන පරිදි එය අවම වශයෙන් මාස කිහිපයක් හෝ ලොව පුරා සංසරණය වෙමින් පවතිනු ඇති.

එම කාලය තුළ දස දහස් ගණනකට වෛරසය ආසාදනය විය හැකි බව ඔහුගේ අදහසයි.

කොරෝනා වෛරසය පිළිබඳ මාර්ගගත පුවරුවක් පවත්වාගෙන යන නෝර්ත්ඊස්ට් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇලෙසෙන්ඩ්‍රෝ වෙස්පිගානි පවසන පරිදි වෛරසයේ අවදානම ඉදිරි සතියේ හෝ මාසයේදී අවසන් වනු ඇතැයි සිතිය නොහැකියි.

වෛරසය එක් පුද්ගලයෙකුගෙන් 4 දෙනෙකුට හෝ සම්ප්‍රේෂණය වීමේ අවස්ථාවක් පවතිනවා.

එය සාමාන්‍ය තත්ත්වයක් වන අතර, ඇතැම් විට ඊට වැඩි සංඛ්‍යාවකට වෛරසය සම්ප්‍රේෂණය විය හැකියි.

ආසාදිත පුද්ගලයන් වෙන්කොට ප්‍රතිකාර ලබාදීම, ක්‍රමානුකූල ලෙස අත් පිරිසිදුකර ගැනීම මෙන්ම, මුහුණු ආවරණ පැළදීම ද වෛරසය සම්ප්‍රේෂණය වන සංඛ්‍යාව පාලනය කිරීමට හේතුවනු ඇති.

එලෙස, බෝවිය හැකි සංඛ්‍යාව එකකට වඩා අඩු කිරීම තුළින් වෛරසය මැඩලීමට හැකිවනු ඇති බව මහාචාර්ය ඩේවිඩ් ෆිස්මාන්ගේ අදහසයි.

කොරෝනා වෛරසයෙන් මේ වනවිට චීනයේ මරණ 106 ක් වාර්තා වන අතර ආසාදිත සංඛ්‍යාව 4500 කට අධිකයි.

එහෙත්, මහාචාර්ය වෙස්පිගානි පෙන්වා දෙන පරිදි චීනයේ පමණක් කොරෝනා වෛරස ආසාදිත සංඛ්‍යාව 25,000 ඉක්මවනු ඇති.

එහෙත්, හොංකොං විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සඳහන් කළේ එම සංඛ්‍යාව 40,000 ඉක්මවා තිබිය හැකි බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top