වෛරසයෙන් තම ජිවීතයට ඇති තර්ජනයත් නොතකා සිය දිගු කොණ්ඩය කපා දමා, රෝගීන් සුවපත් කරන්න ආ මිහිපිට දෙවිවරු
Tuesday, 28 January 2020 - 12:35 | Views - 1,615
වුහාන් විශ්ව විද්‍යාලයේ රෙන්මින් රෝහලේ 30 හැවිරිදි හෙදියක් වන ෂාන් ෂියා පසුගිය සඳුදා කොරෝනා වයිරසය පැතිරයාමට  එරෙහිව සටන් කිරීම සඳහා  ඇගේ දිගු කොණ්ඩය  කපා  දමා  තිබෙනවා .

දෙදරු මවක් වන ෂාන් මේ පිළිබදව පැවසුවේ, කොණ්ඩය කැපීම සහ ඇඳුම් කට්ටල පැළඳීමේදී වැයවන  කාලය ඉතිරි කර ගැනීම සඳහා ඇය මෙලෙස තම කොණ්ඩය කැපු බවටයි. ඔවුන් තමන්ගේ සේවය වඩාත් කාර්යක්ෂව සිදු කර ගැනීමට වෙර දරන්නෝ වෙති.

මේ අතර, සඳුදා පැවති මාධ්‍ය හමුවකදී ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව කියා සිටියේ ආසාදන වැලැක්වීම හා ඒවා පාලනය කිරීම සඳහා පළාත් හතක සහ නගර හතක වෛද්‍ය සේවකයින් 959 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් හූබෙයි හි නව කොරොනා වයිරස් පැතිර  යාමේ කේන්ද්‍රස්ථානය වන වුහාන් වෙත යාමට සංවිධානය කර ඇති බවයි.

මෙම කණ්ඩායම් හෙනන්, ජිලින්, ලියාඕනිං, ෂැන්සි සහ ෂැන්සි පළාත් සහ ටියැන්ජින් සහ චොංකිං යන මහ නගර සභාවලින් යුක්ත බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.

කෙසේවෙතත් තම ජිවීත අවධානම ගැන නොතකා, වෛරසය පැතිරිලා තිබෙන ස්ථානයටම පැමිණ  වෛද්‍යවරුන් කරනා සේවය මහඟුය.

Image result for nurses cutting hair to treat corona virus

Image result for Shan Xia cut hair



Image result for Shan Xia cut hairImage result for Nurse has hair cut short before heading to Wuhan to help with coronavirus outbreak
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top