ඇලබාමා ප්‍රාන්තයේ බෝට්ටු 35ක් ගිනි ගනී - 8 දෙනෙක් ජීවිතක්ෂයට - [Video/Photos]
Tuesday, 28 January 2020 - 11:39 | Views - 728

එක්සත් ජනපදයේ, ඇලබාමා ප්‍රාන්තයේ, මරීනාහි කුඩා නාවික යාත්‍රා රැසක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ස්කොට්ස්බෝරෝ හි ජැක්සන් කවුන්ටි උද්‍යානයේ මිනිසුන් නිදා සිටියදී මෙම ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර, ලී තටාකයේ ඇලුමිනියම් වහළ කඩා වැටී ඇතැම් බෝට්ටු ගිලී ඇති බවද විදෙස් වාර්තා පවසයි.

මෙම අවස්ථාවේදී ජලයට පැනගත් හත් දෙනෙකු පසුව බේරාගෙන රෝහල්ගත කර තිබේ.

ගින්නට හේතුව කුමක්ද යන්න පැහැදිලි නොමැති වුවත්, අනතුරට හසුවූ තවත් පිරිස් සොයා ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පැවතිණි.

ගින්න එරට වේලාවෙන් අද (28දා) අලුයම 00:40 ට පමණ ආරම්භ වූ අතර, ටෙනසි ​​ගංගාවේ වූ කුඩා යාත්‍රා ඇතුළු පොන්ටූන් දක්වා යාත්‍රා 35ක් ගිලී ගියේය.  ජීවිතක්ෂයට පත්වූවන්ගේ අනන්‍යතා තවමත් තහවුරු කර නැත.

ස්කොට්ස්බෝරෝ ගිනි නිවීමේ ප්‍රධානී ජීන් නෙක්ලෝස් වාර්තාකරුවන්ට පැවසුවේ “මෙය අතිශයින්ම විනාශකාරීයි.  මම මෙතෙක් දැක ඇති ඉතාම විනාශකාරී සිදුවීමක්." යනුවෙනි.

සමාජ මාධ්‍යවල පළ වූ ඡායාරූවල දැක්වුණේ යාත්‍රා පේළියක් ගිනිගෙන ඇති බවයි. මෙම යාත්‍රාවල වූ ගෑස් ටැංකි නිසා මෙම ගින්න වර්ධනය වූ බවක් විශ්වාස කෙරෙයි.



Image result for 35 boat fires
Image result for 35 boat fires

Image result for 35 boat fires

Image result for 35 boat fires



Image result for 35 boat fires

Image result for 35 boat fires

Image result for 35 boat fires

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top