බිරිඳගේ වියෝවෙන් කම්පනයට පත්වූ සැමියාත් මරුට
Tuesday, 28 January 2020 - 8:25 | Views - 947
තම බිරිද මියගිය පුවත ඇසීමත් සමගම යාපනයේ තෙලිප්පලෙයි, කොල්ලාන්කලට්ටි ගම්මානයේ වැසියකු 26 දා හෘදයාබාධයකින් මියගොස් තිබේ.
කොල්ලාන්කලට්ටි ගම්මානයේ පදිංචිව සිටි හැත්තෑ දෙහැවිරිදි අයියාතුරෙයි සරස්වතී නැමති කාන්තාව පස් දරු මවක්වන අතර ඇය හදිසියේම අසනීප වී මීට දින කීපයකට පෙර යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
එම කාන්තාවගේ දියණියක් මවට උපස්ථාන කරමින් රෝහලේ සිටියදී මව හදිසියේම මියගොස් ඇති අතර වහාම දුරකතනයෙන් ඒ බව නිවසට දැනුම් දී තිබේ. එම පුවත ඇසීමත් සමගම මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා වන හැත්තෑ හතර හැවිරිදි එස්. නාගේස්වරන් නමැති අය සිහිසුන්ව ඇද වැටී ඇති අතර ඔහුව රෝහල ගත කොට ස්වල්ප වේලාවකට පසුව මියගොස් තිබේ. දෙදෙනාගේම
මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පැවැත්වීමෙන් පසුව මළසිරුරු දෙක ඔවුන්ගේ නිවෙස් වෙත රගෙනවිත් තිබේ.
Share This Article