කොරෝනා පරීක්ෂණවලදී රසායනාගාර සේවකයින් අනාරක්ෂිතයි
Monday, 27 January 2020 - 12:50 | Views - 816
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමේදී රසායනාගාර සේවකයින් දැඩි අනාරක්ෂිතතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් කමිටුව පවසනවා.
එහි සභාපති රවි කුමුදේශ් සඳහන් කළේ ඔවුන්ට අවශ්‍ය ශරීර ආවරණය කෙරෙන ඇඳුම් කට්ටල පවා නොමැතිව පරීක්ෂණ සිදුකරන නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.
කොරෝනා වෛරසය හඳුනාගැනීම සඳහා පරීක්ෂණ සිදුකිරිමට පහසුකම් තිබුණද රෝගියෙකු වාර්තාවුවහොත් ඉදිරි පරීක්ෂණ සිදුකිරීම සඳහා පහසුකම් මෙරට තුළ නොමැති බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.
Share This Article