71 වන ඉන්දිය ජනරජ දිනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සුබපැතුම් එක්කර තිබෙනවා.
ඊයේ යෙදි දිනයට යෙදී තිබූ ඉන්දීය ජනරජ දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර අද්විතීය සම්බන්ධතාවක් පවතින බවත්, එය දිනෙන් දින ශක්තිමත් වෙමින් පවතින බවත්ය.
එමෙන්ම තවදුරටත් දෙරට අතර සබඳතා වර්ධනය වනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි ජනාධීපතිවරයා යැවූ සුබපැතුම් නිවේදනයේ සඳහන්ව ඇත්තේ.
එමෙන්ම අග්රාමාත්ය මහින්ද රාජපක්ෂද සුබපැතුම් පණිවුඩයක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතාව පදනම් වී ඇත්තේ අනනෝන්ය මිත්රත්වය මත බවයි.


