සුපිරි ක්‍රීඩක බෙන් ස්ටොක්ස් ගැන ICC ය දැඩි තීරණයක් ගනී
Monday, 27 January 2020 - 9:57 | Views - 604
එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ට දඩ මුදලක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණයකර තිබෙනවා.
ඒ දකුණු අප්‍රිකාව අතර ජෝහැනස්බර්ග් හිදී පැවති සිව්වන ටෙස්ට් තරඟය අතර තුර ප්‍රේක්ෂකයෙකු සමඟ ඇති වූ බහින් බස්වීමක් හේතුවෙන්.
එම බහින් බස්වීම අතර තුර බෙන් ස්ටොක්ස් අසභ්‍ය වචන භාවිත කරමින් ප්‍රේක්ෂකයාට බැනවැදී ඇති අතර එයට එරෙහිවයි ඔහුට මෙම දඩ මුදල ගෙවීමට සිදුව ඇත්තේ.
ඒ අනුව ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට 15ක දඩ මුදලක් ගෙවීමට සිදුව තිබෙනවා.
Share This Article