පිලිපීන නාවික හමුදා නෞකා දෙකක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට
Monday, 27 January 2020 - 9:40 | Views - 482
පිලිපීන නාවික හමුදාවට අයත් නෞකා දෙකක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබෙනවා.
රමොන් අල්කරාස් සහ ඩවාඕ ඩෙල්සූර් යන නෞකා දෙක තුන්දින නිල සංචාරයක් සඳහා මෙලෙස ඊයේ කොළඹ වරායට පැමිණි බවයි නාවික හමුදාව සඳහන් කළේ.
එම නෞකාවල අණදෙන නිලධාරීන් ඇතුළු පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී එම ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමුවී ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
ඔවුන් අනිද්දා දක්වා මෙරට රැඳී සිටීන අතර, එම කාලය තුළ ඔවුන් ශ්රී ලංකා නාවික හමුදාව සංවිධාන කරන සුහද ක්රීඩා තරග, සංස්කෘතික වැඩසටහන්වලට ද සහභාගිවීමට නියමිතයි.
Share This Article