කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
Monday, 27 January 2020 - 8:47 | Views - 366
කොට්ටාව දුම්රිය ස්ථානයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
පාදුක්කේ සිට කොළඹ කොටුව බලා අද (27) උදෑසන ධාවනය වූ මන්දගාමී දුම්රියකුයි මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇත්තේ.
අදාළ දුම්රියේ මගීන් වෙනත් දුම්රියකින් කොළඹට ප්‍රවාහනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කළේ.
Share This Article