බිරිඳ රට ගොස් සිටියදී සැමියා දරු දෙදෙනා ගඟට දාන්න හදලා
Monday, 27 January 2020 - 8:33 | Views - 868
බළන්ගොඩ මුගුණමලේ ප්‍රදේශයේදී පුද්ගලයකු තම බිරිඳ රට රැකියාවට ගොස් සිටියදී වයස අවුරුදු තුනක හා අවුරුදු 12 ක දරුවන් දෙදෙනා දොරවෙල පාලමෙන් ගඟට දැමීමට උත්සාහ දරා ඇත. මේ පිළිබඳව සිදුවීම දුටු අය විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම බිරිඳ රට යෑමට පෙර සිට ගම් ප්‍රදේශයේ අයකු සමග අනියම් සබඳතාවක් තිබූ බවට සැමියාට ආරංචිවීමෙන් පසු ඇතිවූ ක්‍ෂණික කෝපය නිසා මෙම අපරාධය සිදුකිරීමට තැත්කර තිබෙන බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

මෙම දරුවන් දෙදෙනා සහ සැකකරු බළන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ඒ. එම්. එස්. මැණිකේ මහත්මිය හමුවට 25 වැනිදා ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත. දරුවන් දෙදෙනා මොවුන්ගේ සමීප ඥාතීන්ට භාරදීමටද නියම කර තිබේ.

බළන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පො. ප. පාලිත රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවත්වෙයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top