‘‘ස්ත‍්‍රී දූෂණය සහ ගෘහස්ථ හිංසනය වෙනුවෙන් පූර්ණ අයිතිය පිරිමින්ට හිමි අරුම පුදුම ගම්මානයක්’’ ගමේ නිදියන්න අවසර ඇත්තේ ගමේ උපන් පිරිමි දරුවන්ට පමණයි...
Sunday, 26 January 2020 - 16:20 | Views - 735

n4 3

 

ස්වාලී භාෂාවට අනුව ‘‘උමෝජෝ උසෝ’’ යනු එක්සත් බවයි. 1990 වසරේ කෙන්යාවේ ආරම්භ කරන ලද ‘‘උමෝජෝ උසෝ ’’ ගම්මානය පිහිටා ඇත්තේ නයිරෝබි නගරයේ සිට කි. මී. 380 ක් පමණ දුරින් සම්බුර් ප‍්‍රාන්තයේ ආවර්ස් පෝස්ට් නගරයට ආසන්නවයි.
 
 සම්බූර් කාන්තාවන්ට සමාජයේ ඇත්තේ යටත් තත්ත්වයකි. පශු සම්පත් හෝ ඉඩම් හෝ වෙනත් දේපළක් වෙනුවෙන් අයිතියක් නැත. කාන්තාව සැලකෙන්නේද ස්වාමියාගේ දේපළක් ලෙසින්ය. කාන්තාවන්ගේ ලිංගික අවයව විකෘති කිරීම, ළමා විවාහ, ස්ත‍්‍රී දූෂණය සහ ගෘහස්ථ හිංසනය වෙනුවෙන් පූර්ණ අයිතිය පිරිමින්ට ඇත.
 
 

n4 4

මෙම ගම්මානය ආරම්භ කරනු ලැබුවේ ‘‘රෙබෙකා ලොලසෝලී ’’ නමැති සම්බූර් කාන්තාවක් විසින්ය. මෙම ගම්මානයේ වාසය කරන්නේ කාන්තාවන්ට එරෙහි හිංසනයෙන් දිවි ගලවා ගත් සහ බලහත්කාර විවාහයන් නිසා අසරණ වුණ කාන්තාවන්ට අභයභූමියක් ලෙසයි. බි‍්‍රතාන්‍ය සොල්දාදුවන් විසින් සම්බූර් කාන්තාවන් 1400 කට වැඩි පිරිසක් දූෂණය කිරීම සම්බන්ධයෙන් මේ වෙන විට නඩු පවරා තිබේ. මෙම කාන්තාවන් තම ස්වාමිපුරුෂයන් විසින් අත්හැර දමා ඇත්තේ ඔවුන් අපිරිසිදු ලෙස සලකා සහ දූෂණයට පත් භාර්යාවන්ගෙන් ලිංගික රෝග සම්පේ‍්‍රෂණය වෙතැයි වූ බිය නිසාය.
 
 රෙබෙකා ලොලසෝලී විසින් ‘‘උමෝජෝ උසෝ ’’ගම්මානය ආරම්භ කරත්ම ඊට ප‍්‍රතිචාර වශයෙන් පිරිමින්ද ගම්මාන පිහිටුවා ගත්හ. ඔවුන්ට අවශ්‍ය වූයේ ප‍්‍රතිවාදී ව්‍යාපාරයක් ආරම්භ කිරීමටයි. මේ නිසා අසල්වැසි පිරිමින් විසින් මෙම ගම්මානය වසා දැමීම සඳහා ලොලසෝලීට එරෙහිව නඩුවක් ගොණු කරන ලදී. ලොලසෝලීගේ සැමියා මෙම ගම්මානයට පහර දුන්නා පමණක් නොව ඇගේ ජීවිතයට පවා තර්ජනය කළේය. මේ තර්ජනාත්මක තත්ත්වය නිසා ගම්මානයේ කාන්තාවන් ගම හැරදා පලා ගියහ.
 
 බොහෝ කාන්තාවන් නිවාස නොමැතිව සිටින විට ලොලසෝලි සුවය ලැබීමෙන් පසුව ‘‘උමෝජා’’ ගම්මානය නැවත පිහිටුවීමට ප‍්‍රයත්න ගත්තාය. ලොලසෝලී මේ සියල්ලට එරෙහි වෙමින් 2005 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සම්බන්ධ වූවාය. ඇය මුලින්ම  ගොවිතැන් නොදත් හෙයින් ගොවිතැන් කළ අයගෙන් ලබා ගත් එළවළු අලෙවි කිරීමට පටන් ගත් නමුදු එය සාර්ථක වූයේ නැත. ඒ නිසා සාම්ප‍්‍රදායික අත්කම් සංචාරකයන්ට අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළාය. මේ ගැන තොරතුරු දැනගත් කෙන්යාවේ වනජීවි සේවා අමාත්‍යාංශය උමෝජා ගම්මානයේ හස්ත කර්මාන්ත වැඩි දියුණු කිරීමට මසායි මාරා වැනි ප‍්‍රදේශවලින් සාර්ථක කණ්ඩායම් ඔස්සේ මෙම ශිල්පය ප‍්‍රගුණ කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලදී. ඒ අතරම කෙන්යාවේ උරුමය හා සමාජ සේවා සහ සංස්කෘතික අමාත්‍යාංශයේද සහයෝගය ලැබුණි.
 
 උමෝජා හි පදිංචිකරුවන් සම්ප‍්‍රදායික සම්බූර් ශිල්පයේ නිතර වෙන අතර ඔවුන් ‘‘උමෝජෝ උවාසෝ ’’ කාන්තා සංස්කෘතික මධ්‍යස්ථානයට මෙම නිෂ්පාදන අලෙවි කරති. මෙම නිෂ්පාදන අතරට වර්ණවත් පබලූ, ගෙදර සාදන ලද මද්‍යසාර, සහ වෙනත් විවිධ නිෂ්පාදන ඇතුළත් වේ. සෑම කාන්තාවක්ම තම ඉපයීම්වලින් 10% ක් ගමට පරිත්‍යාග කරන්නේ පාසල සහ අනෙකුත් අවශ්‍යතාවන්හි බද්දක් ලෙසින්ය. මෙතෙක් පාසල් අධ්‍යාපනය නොලත් දරුවන් දැන් පාසල් අධ්‍යාපනය ලබන අතර මෙම පාසලේ දරුවන් පනහක් පමණ ඉගනුම ලබති.
 
 මේ අතර උමෝජා ගම්මානයේ කාන්තාවන් සම්බූර් ජාතික රක්ෂිතයට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක් ආරම්භ කරන ලදී. සංචාරකයන් වෙනුවෙන් ස්වර්ණාභරණ නිපදවන අතර මේ ගැනත් පිරිමින්ගේ ඇත්තේ දැඩි විරෝධයකි.
 
 රෙබෙකා ලොලසෝලි විසින් ආරම්භ කරන ලද මෙම ගම්මානය සැබැවින්ම කාන්තාවන්ගේ ආරක්ෂිත ස්ථානයකි. එය පිරිමින්ගේ දේශයක් නොවේ. සම්බූර් කාන්තාවන්ගේ විවාහක රැකවරණය සැලසී ඇත්තේ මෙම ගම්මානය තුළයි. පිරිමින්ට ගමට යෑමට අවසර ඇතැත් උමෝජා ගමේ ජීවත්වීමට අවසර නැත. ගමේ නිදා ගත හැක්කේ මෙහි උපත ලබා හැදී වැඩිහිටියන් බවට පත් පිරිමි දරුවන්ට පමණි.
 
 2005 වසරේදී කාන්තාවන් 30 ක් සහ දරුවන් පනහක් ජීවත්වුණ මෙම ගම්මානයේ ජනහනය 2015 වසර වෙන විට කාන්තාවන් 47 ක් සහ දරුවන් 200 ක් බවට පත් විය. ගැහැනු දරුවන් විසින් බිහිකරන දරුවන් පිරිමි දරුවන් වීමේ සම්භාව්‍යතාව නිසා ගම්මානයේ ජනගහනයේ වර්ධනාත්මක වෙනසක් අනාගතයේදී බලාපොරොත්තු විය හැකිය
 
පුන්‍යා චාන්දනී ද සිල්වා

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top