සත්ව වෙළඳාම නතර කිරීමට චීනය තීරණය කරයි - Photos
Sunday, 26 January 2020 - 15:55 | Views - 2,513
මාරාන්තික කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් රට පුරා වන සත්ව මස් වෙළඳාම තහනම් කිරීමට චීනය අද පියවර ගත්තා.
 
ඒ අනුව චීනයේ වන සත්ව වෙළඳපොලවල මෙන්ම සුපිරි වෙළඳසැල්, අවන්හල් සහ අන්තර්ජාල වේදිකා හරහා වන සත්ව මස් විකිණීම තහනම් වනවා.
 
සජීවී සත්වයින් පවා අලෙවි කෙරෙන චීනයේ වන සත්ව වෙළඳපොල කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූ ස්ථානය ලෙසයි ඇතැම් විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

චීනයේ අන්තර්ජාල වේදිකා හරහාද සර්පයින්, මොණරුන් කිඹුලන් ආදී වන සතුන් පවා මස් සඳහා අලෙවි කෙරෙනවා.
 
කෙසේ නමුත් චීන කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වන කාර්යාංශය නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක දැක්වෙන්නේ මස් සඳහා වන සතුන් ඇති කිරීම, ප්‍රවාහනය සහ අලෙවි කිරීම දැනට පවතින කොරෝනා වෛරස් වසංගතය නිමාවනතුරු තහනම් වන බවයි.
 
සාර්ස් වෛරසයට සමාන කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් ඇති අතර, ලොව පුරා ආසාදිතයන් සංඛ්‍යාව 2,000 කට අධිකයි.
 
මේ අතර නවතම අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ චීනයේ වූහාන් ප්‍රාන්තය කේන්ද්‍ර ගතව පැතිරෙන කොරෝනා වෛරසය ආසාදනය වූ එක් පුද්ගලයෙකුගෙන් අවම වශයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකුට හෝ තුන්දෙනෙකුට එය සම්ප්‍රේෂණය විය හැකි බවයි.

Image result for china stop meat shopImage result for china stop meat shop
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top