ලොව විශාලතම මගී ගුවන් යානය මංගල ගමන සාර්ථකව නිම කරයි
Sunday, 26 January 2020 - 14:38 | Views - 4,422
ලොව දිගම සහ විශාලතම ද්විත්ව එන්ජින් සහිත මගී ගුවන් යානය බෝයිං 777 - 9 එක්ස්, සිය මංගල පරීක්ෂණ ගමන සාර්ථකව නිමා කර තිබෙනවා.
එය, යුරෝපීය එයාර් බස් ගුවන් යානා සහ ඇමරිකානු ගුවන් යානා නිෂ්පාදන කර්මාන්තය අතර පවතින තරගයේ සන්ධිස්ථානයක් ලෙසයි සැළකෙන්නේ.
එකවර මගීන් 425 ක් රැගෙන නාවික සැතපුම් 7600ක් අඛණ්ඩව ගමන් කළ හැකි ලෙසයි නව බෝයිං ගුවන් යානය නිර්මාණය කර ඇත්තේ.
Share This Article