ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකුටත් ඉන්දියාවෙන් පද්මශ්‍රී සම්මානය
Sunday, 26 January 2020 - 13:00 | Views - 1,001

පුරෝගාමී ශ්‍රී ලාංකික කාන්තාවන් දෙපළක් වන දේශබන්දු ආචාර්ය වජිරා චිත්‍රසේන සහ නැසීගිය මහාචාර්ය ඉන්ද්‍ර දසනායක ඉන්දියාවේ පද්මශ්‍රී සම්මාන සඳහා නම් කර තිබෙනවා.
ඉන්දියාවේ 71 වන ජනරජ දිනය අදට යෙදී ඇති අතර, ඊට පෙර ඔවුන් එම සම්මානය සඳහා නම් කර ඇත්තේ මෙම ශ්‍රී ලාංකික කාන්තාවන් දෙපළ සිය ක්‍ෂේත්‍රයන් සඳහා ලබාදුන් පුරෝගාමී දායකත්වය මෙන්ම, ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා.
පද්මශ්‍රී සම්මානය ඉන්දියාව විසින් සිවිල් වැසියන් සඳහා පිරිනමන සිව්වන ඉහළම සම්මානය වන අතර, එය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරනු ලබන කමිටුවක නිර්දේශ මත පිරිනමනු ලබනවා.
ආචාර්ය වජිරා චිත්‍රසේන, ශ්‍රී ලාංකේය නර්තන ක්‍ෂේත්‍රයේ ජීවමාන පුරාවෘත්තයක් වන අතර, මෙරට ප්‍රථම බැලේ නර්තන ශිල්පිනිය ලෙසද සැළකෙනවා.
උඩරට නර්තන ශිල්පය සිය පූර්ණකාලීන වෘත්තිය කරගත් ප්‍රථම සිංහල කාන්තාවද ඇයයි.
ඇය දැනට 87 වන වියේ පසුවනවා.
පද්මශ්‍රී සම්මානයෙන් පිදුම් ලබන නැසීගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක කැළණිය විශ්වවිද්‍යාලයේ හින්දි භාෂාව පිළිබඳ මහාචාර්යවරියක වන අතර, ඉන්දියාවේ ලක්නව් විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකද වනවා.
කැළණිය විශ්ව විද්‍යාලයේ හින්දි භාෂා අංශය යළි පිහිටුවීම සඳහා පුරෝගාමී වූ ඇය ලෝක හින්දු සම්මේලනයේ සම්මානයකින්ද පිදුම් ලැබුවා.
මෙවර ඉන්දීය ජනරජ දිනයට සමගාමීව පද්ම විභූෂන්, පද්ම භූෂන් සහ පද්මශ්‍රී සම්මාන 141ක් ප්‍රකාශයට පත් කෙරුණු අතර, ඉන් 18 ක්විදේශිකයන්.
ඔලිම්පික් බොක්සිං සූර මේරි කොම් සහ බැඞ්මින්ටන් ශූරී පී.වී. සින්දු මෙවර පද්ම භූෂන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, කරන් ජොහාර්, එක්තා කපූර් සහ කාංගනා රනවුට් ද මෙවර පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබනවා.
Share This Article