දුම්රියක් පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා (ඡායාරූප)
Sunday, 26 January 2020 - 12:02 | Views - 673
නානුඔය සහ අඹේවෙල දුම්රිය ස්ථාන අතර 130වන සැතපුම් කණුව ආසන්නයේදී දුම්රියක් පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුවී තිබෙනවා.

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අද උදෑසන 10.15ට පමණ මෙලෙස පීලි පැන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙහිදී එක් මැදිරියක් පීලි පැනීමට ලක්ව ඇතැයි සඳහන්.

මේ හේතුවෙන් බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රිය සහ කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රියවල මගීන් පීලිපැනීමට ලක්වූ දුම්රිය ඇති ස්ථානය දක්වා ධාවනය කර ඔවුන් දුම්රිය දෙකට මාරුකර ධාවනය කරවීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

පීලි පැනීමට ලක්වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පීලිගත කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කර ඇත්තේ.
 

 
ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top