ඇමරිකානුවන් චීනයෙන් ඉවත් කරගැනීමට කුලී ගුවන් යානයක්
Sunday, 26 January 2020 - 11:44 | Views - 3,551
මාරාන්තික කොරෝනා වෛරසය කේන්ද්‍රගතවී ඇති චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයේ සිටින සිය රාජතාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඉවත් කරගැනීම සඳහා ඇමරිකානු රජය කුලී ගුවන් යානයක් යොදවන බව සී.එන්.එන්. ප්රවෘත්ති සේවාව සඳහන් කළා.
වූහාන් නගරයේ ඇමරිකානු කොන්සල් කාර්යාලයක් පිහිටුවා ඇති අතර, මේ වනවිට එය තාවකාලිකව වසා දමා ඇති බව සඳහන්.
එහි සිටි රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඉවත් කරගැනීම සඳහා බෝයිං 737 හෝ 767 වර්ගයේ යානයක් කුලියට ගැනීමටයි ඇමරිකාව කටයුතු කරමින් සිටින්නේ.
කෙසේ නමුත් එලෙස ඇමරිකානුවන් ඉවත් කරගැනීම රඳා පවතින්නේ චීන රජය ඒ සඳහා ලබාදෙන අවසරය මත පදනම්ව බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කළා.
වූහාන් නගරයේ ඇමරිකානු කොන්සල් කාර්යාලය ඉවත් කර ගැනෙන ඇමරිකානුවන් ලියාපදිංචි කර ඇති අතර, ඔවුන් රැගෙන එන ගුවන් යානයේ වෛද්‍ය කණ්ඩායමක් යෙදවීමටද පියවර ගැනෙනු ඇති.
Share This Article