ත්‍රී රෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙකුට බරපතල තුවාල
Sunday, 26 January 2020 - 11:36 | Views - 811
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලිනා වත්ත ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
කොළඹ සිට ඩයගම දක්වා ධාවය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක් අද අලුයම 3ට පමණ මාර්ගයෙන් ඉවතට පැන අඩි 75ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුරින් ත්‍රී රෝද රථයේ රියදුරා සහ පසුපස අසුනේ ගමන් කළ අයෙක් බරපතල තුවාල ලැබුවා.
ඔවුන් වටවල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු රියදුරාගේ තත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහලට මාරුකර යවා තිබෙනවා.
ත්‍රී රෝද රථයේ රියදුරාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුවී ඇති අතර ත්‍රී රෝද රථයට ද අනතුරින් දැඩි අලාභ හානි සිදුවී තිබෙනවා.
Share This Article