ඉන්දිය ජනරජ දිනය අදයි
Sunday, 26 January 2020 - 11:32 | Views - 674
71 වන ඉන්දිය ජනරජ දිනය අදට යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් නවදිල්ලි නුවර ඓතිහාසික රතු බලකොටුව පරිශ්‍රයේ විශේෂ ආචාර පෙළපාලියක් පැවැත්වෙන්නේ එරට යුද ශක්තිය පිළිබිඹු කරමින්.
එය ආරම්භ වන්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජාතික යුද ස්මාරකය වෙත පැමිණ ඉන්දියාව වෙනුවෙන් දිවි පිදු සොල්දාදුවන්ට උපහාර දැක්වීමෙන් අනතුරුවයි.
ඉන්පසු ජාතික ධජය එසවීම සහ ආචාර වෙඩි මුර 21 ක් පැවැත්වීමට නියමිතයි.
ජනරජ දිනය නිමිත්තෙන් නවදිල්ලි නුවර අද දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා දහස් සංඛ්‍යාත පොලිස් සහ හමුදා භටයින් යොදවා ඇති බව සඳහන්.
Share This Article