නිදහස් දින සැමරුමේ පෙරහුරුවක් හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්
Sunday, 26 January 2020 - 10:47 | Views - 664

කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැත්වීමට නියමිත 72 වන නිදහස් සැමරුම් උළෙලේ පෙරහුරු පෙලපාලියක් අද සිදුකිරීමට නියමිතව තිබෙනවා.ඒ හේතුවෙන් අද උදෑසන හයේ සිට දහවල් එක දක්වා ඒ අවට මාර්ග කිහිපයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සහ මාර්ග කිහිපයක ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ.ඒ අනුව ග්ලාස්හවුස් මංසන්ධියෙන් නන්දා මෝටර් දෙසට, පුස්තකාල හන්දියෙන් ග්ලාස් හවුස් දෙසට, පුස්තකාල හන්දියෙන් ආනන්ද කුමාරස්වාමි මාවතට, ධර්මපාල මාවතෙන් එෆ්.ආර්. සේනානායක මාවතට, සොයිසා වටරවුමෙන් කන්නංගර මාවතට, එෆ්.ආර්. සේනානායක මාවතෙන් කන්නංගර මාවතට, පදනම් ආයතනය අසලින් නිදහස් චතුරස්‍රය දෙසට, ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් පදනම් මාවතට මෙන්ම විජේරාම මාවතෙන් රොස්මීඩ් පෙදෙස ඔස්සේ කන්නංගර මාවතට ඇතුළුවීම ඒ අනුව පදිංචිකරුවන්ට පමණක් සීමා වනු ඇති.එමෙන්ම, තවත් මාර්ග කිහිපයක්ද එම කාලය තුළ වසා දමා ඇති අතර, ගමනාගමනය සීමා කර ඇති හෝ මාර්ග වසා ඇති ප්‍රදේශ මඟ හැර කොළඹින් පිටවිය හැකි මාර්ග කිහිපයක්ද වනවා.ඒ අනුව සොයිසා වටරවුම සිට වෝඩ් පෙදෙස ඔස්සේ බොරැල්ල දෙසට ධාවනය කළ හැකියි.එමෙන්ම, බෞද්ධාලෝක මාවතට පිවිසෙන රථවාහනවලට විජේරාම මාවත, හෝර්ටන් පෙදෙස, ඩී.එස්. සේනානායක මංසන්ධිය ඔස්සේ කනත්ත වටරවුම දෙසින් පිටවිය හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ.
Share This Article