ලොවක් කැළඹුණු කොරෝනා නිසා මරු වැළඳගනිමින් සිටින පුද්ගලයින්ගේ සංවේදී ඡායාරූප පෙළක් අන්තර්ජාලයට - Photos
මුළු ආසාදිත සංඛ්‍යාව 1000 ඉක්මවයි...
සංවේදී ට්විටර් වීඩියෝ අන්තර්ජාලය පුරාම..
වීදිවල වැතිර ජීවිතය ඉල්ලන අසරණයින්...
චීනයේ වූහාන් ප්‍රාන්තය කේන්ද්‍ර කොටගෙන පැතිරෙන නව කොරෝනා වෛරසය මේ වන විට යුරෝපයට ද ව්‍යාප්ත වී තිබෙනවා. ඒ, ප්‍රංශයෙන් ද ආසාදිතයන් තුන් දෙනෙකු සොයා ගැනීමෙන් අනතුරුවයි.
අග්නිදිග ආසියාතික රටවලින් මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයෙන් ද ආසාදිතයන් සොයාගෙන ඇති අතර, මුළු ආසාදිත සංඛ්‍යාව 1035ක්. සාස් වෛරසයට සමාන නව කොරෝනා වෛරසය මගින් නියුමෝනියා තත්ත්වයක් ඇති විය හැකි අතර, එමගින් මරණයට ද පත්විය හැකියි.
දැනට නව වෛරසයේ මරණ 41ක්, වාර්තා වන්නේ චීනයෙන් පමණයි.
මේ අතර කොරෝනා වෛරසය පැතිර ගිය වුහාන් ප්‍රාන්තයේ පාළු විදීවල වැටී ඇති මිනිස් මළසිරුරු කිහිපයක සේයාරූ මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.
සියුම් කම්පනයක් ඇති කරන මෙම සේයාරූ බොහෝමයකින් පෙනී යන්නේ මාරාන්තික වෛරසය සමඟ සටන් වැදි පුද්ගලයින් වෙහෙසට පත්ව ඇති ආකාරයයි.
ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු වීදිවල බිම වැතිරෙමින් සිටිනවා.
එක් වීඩියෝ පටයක දැක්වෙන්නේ, මිනිසෙකු ප්‍රතිචාර නොදක්වා බිම වැටී සිටින ආකාරයත්, ආරක්ෂිත ඇඳුම් ඇඟලාගත් වෛද්‍යවරු ඔහුට උපකාර කිරීමට උත්සහ දරන අයුරුයි.
හිසෙන් ලේ ගලන මිනිසෙකු මියගොස් සිටින ආකාරය දැක්වෙන තවත් ඡායාරූපයක්ද සමාජ මාධ්‍ය ඔස්සෙ හුවමාරු වෙමින් පවතිනවා.
කෙසේ වෙතත් මෙසේ හුවමාරු වන ඡායාරූප වුහාන් ප්‍රාන්තයේම යැයි කීවත් එය මෙතෙක් තහවුරු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
මේ වන විට වුහාන් ප්‍රාන්තයේ ප්‍රවාහන කටයුතු සියල්ලම නවත්වා ඇති අතර වෙළඳසැල් බොහෝමයක් හිස්ව ඇති ආකාරය දැක්වෙන ඡායාරූපද අවට පිරිස් විසින් සමාජ මාධ්‍ය තුළ පළ කර තිබෙනවා.









