මේ වන විට ලෝකයේම අවධානය යොමුව ඇති කොරෝනා වෛරසය ආසාධිත රෝගීයෙකු ඕස්ට්‍රේලියාවෙන් හමුව ඇති බව එරට මාධ්‍ය මීට මොහොතකට පෙර තහවුරු කළා.
වික්ටෝරියානු සෞඛ්‍ය නිලධාරීන් විසින් මෙම රෝගීයාට වැළඳි ඇත්තේ කොරෝනා වෛරසය බව සනාථ කර ඇති අතර එරට සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රෝගාතුර චීන ජාතිකයා ජනවාරි මස 19 වනදා මෙල්බර්න් නුවරට පැමිණියේ වුහාන්හි සති දෙකක් ගත කිරීමෙන් පසුව බවයි.
රෝගීයා හුදකලාව ප්‍රතිකාර ගනිමින් සිටින බවත්, කලබල නොවන ලෙසත් එරට සෞඛ්‍ය බලධාරින් සඳහන් කර තිබෙනවා.