ලබන වසරේදී ජන හා නිවාස සංගණනයක්
Saturday, 25 January 2020 - 12:51 | Views - 508
ලබන වසරේදී ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනයක් පවත්වන ලෙස මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජන හා සංඛ්‍යාලේඛන දෙපාතමේන්තුව වෙත නියෝග කර තිබෙනවා.
ඒ, ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින්.
ශ්‍රී ලංකාවේ පැවති මුල්ම ජන හා නිවාස සංගණනය 1881 වසරේ පවත්වා තිබෙනවා.
එහිදී සමස්ත දිවයිනේම ජනගහනය ලෙස වාර්තා වී ඇත්තේ විසි හත් ලක්ෂ 59,700ක්.
ඉන් පසු වසර කිහිපයකට වරක් ජන හා නිවාස සංගණන පවත්වා ඇති අතර, ශ්‍රී ලංකාවේ අවසන් ජන හා නිවාස සංගණනය 2012 වසරේදී පවත්වා තිබෙනවා.
එහිදී මෙරට සමස්ත ජනගහනය දෙකෝටි තුන් ලක්ෂ 53,459ක් ලෙසයි වාර්තා වී ඇත්තේ. එම සංගණනයේදී මෙරට සිංහල ජන ගහනය සියයට 74.4ක් ලෙස ද සදහන් වුණා.
Share This Article