නින්ද යාම නිසා සිදුවූ අනතුර
Saturday, 25 January 2020 - 11:16 | Views - 900
අනුරාධපුර - කුරුණෑගල ප්රධාන මාර්ගයේ ඒරියාගම හංදියේදී ඊයේ (24) රාත්රියේ අනතුරක් සිදුව තිබෙනවා.මෝටර් රථයක ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි තඹුත්තේගම පොලිසිය පැවසුවේ.අනතුරෙන් මෝටර් රථයේ සිටි මව සහ පුතුන් දෙදෙනා තුවාල ලබා තඹුත්තේගම සහ අනුරාධපුරය යන රෝහල් වලට ඇතුලත් කර තිබෙනවා.ලොරි රථයේ රියදුරුට නින්දයාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.අනතුර සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
Share This Article