කොරෝනා වෛරසය දකුණු ආසියාවටත්
Saturday, 25 January 2020 - 10:59 | Views - 1,136
චීනයේ වූහාන් ප්‍රාන්තය කේන්ද්‍ර කර ගනිමින් පැතිරෙන කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ පළමු දකුණු ආසියාතික රට නේපාලයයි.
වූහාන් සිට පැමිණි 32 හැවිරිදි නේපාල ශිෂ්‍යයෙකු මෙලෙස වෛරසයට ගොදුරු වී ඇති අතර, මේ වන විට කත්මණ්ඩු නුවර බෝ වන රෝග සඳහා වූ රෝහලක ප්‍රතිකාර ලබන බව සඳහන්.
මේ අතර, ඉන්දියාව ද කොරෝනා වෛරසය පිළිබදව වැඩි අවධානයකින් කටයුතු කරන අතර චීනයේ සිට පැමිණි රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් 11 දෙනෙකු රදවාගෙන විශේෂ පරීක්ෂාවකට ලක් කරන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
ඉන් 7 දෙනෙකුම කේරළ වැසියන් වන අතර, මුම්බායි, බෙංගලූරු සහ හයිද්‍රාබාද් නගරවල ද මෙලෙස සැක කටයුතු පුද්ගලයන් පරීක්ෂා කෙරෙනවා.
ආසාදිතයන් ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ යුරෝපයෙන් ද වාර්තා වන අතර, මේ වන විට චීනයේ මරණ සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගොසින්.
Share This Article