රන්ජන්ගේ හඬපට සහ ගිනි අවියේ රස පරීක්ෂක වාර්තාව ලබන සතියේ
Saturday, 25 January 2020 - 9:21 | Views - 1,019
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ නිවසේ තිබී සොයාගත් දෘඩ තැටි, සංයුක්ත තැටි, බලපත්‍ර රහිත ගිනි අවිය සහ ජීව පතොරොම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලබන සතියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඊට අදාළ පරීක්ෂණ කටයුතු මේ වනවිට අවසන් මට්ටමේ පවතින බවයි.
මෙම දෘඩ තැටි, සංයුක්ත තැටි, ගිනි අවිය සහ ජීව පතොරොම් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පසුගිය 09 වනදා භාර දී තිබුණා.
රන්ජන් රාමනායක සතුව තිබී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාර දුන් හඬ පට එහි පරිඝනක අපරාධ අංශය මගින් ද බලපත්‍ර රහිත ගිනි අවිය සහ ජීව උණ්ඩ සම්බන්ධයෙන් ගිනි අවි අංශය මගින් ද විමර්ශනය කරනු ලබනවා.
මේ අතර අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.
Share This Article