ශ්‍රී පාද රක්ෂිතයේ මැණික් ගැරූ 8 දෙනෙකු අත්අඩංගුවට
Saturday, 25 January 2020 - 9:07 | Views - 477
ශ්‍රී පාද රක්ෂිතයේ නීතිවිරෝධී ලෙස මැණික් ගැරූ පුද්ගලයින් 8 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ ඊයේ රාත්‍රියේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට පත්වූවන් 18, 20, 23,33,37 සහ 51 වයස්වල පසුවන අතර ඔවුන් අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article