පූජිත් ජයසුන්දර අද පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමට
Saturday, 25 January 2020 - 7:33 | Views - 1,043
අනිවාර්ය නිවාඩු යවා දැනට රිමාන්ඩ් භාරයේ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට අද (25) කැඳවා තිබෙනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ඔහු ලබන මස 03 වනදා දක්වා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.

මේ අනුව, පෙරවරු 10ට අදත් කොමිසමේ විවෘත සාක්ෂි විමසීම ආරම්භ කෙරෙන අතර, මාවනැල්ල - ඉඩම්පිටිය ප්‍රදේශයේ පදිංචි ග්‍රාම නිලධාරිවරියක මෙන්ම, මාවනැල්ල - හිඟුල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු ද, අද දිනයේ කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

මේ අතර, මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිම කැඞීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ ඊයේ (24) අනාවරණ වුණා.

ඒ, එම කොමිසම හමුවේ එවක කෑගල්ල ප්‍රදේශය භාරව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී ජගත් ගාමිණී තෙන්නකෝන් සාක්ෂි ලබාදුන් අවස්ථාවේදියි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිෂන් සභාව පෙරේදා අවසන් වරට ප්‍රශ්න කළේ කෑගල්ල ප්‍රදේශය භාරව සිටි සහකාර පොලිස් අධිකාරී ජගත් ගාමිණී තෙන්නකෝන්ගෙන්.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ සුහර්ශි හේරත්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ සහකාර පොලිස් අධිකාරීවරයා අනාවරණ කළේ මාවනැල්ල බුදුපිළිම කැඞීමේ සිද්ධීන් දෙක සම්බන්ධයෙන් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කර තිබුණ ද සැකකරුවන් නම් කර නොතිබූ බවයි.

බුදුපිළිම කැඩූ සිද්ධිය සම්බන්ධයෙන් තමන් 2018 දෙසැම්බර් 26 වන දා පොලිස්පති පූජිත් ජයසුන්දර දැනුවත් කළ බව ද සහකාර පොලිස් අධිකාරීවරයා කොමිසමේදී හෙළි කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පොලිස්පති පූජිත් ජයසුන්දර, 2018 වසරේ දෙසැම්බර් 29 වන දා තමාට දුරකථනයෙන් අමතා එවකට බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට කතා කරන ලෙස දැන්වූ බවයි.

ඔහු සැකකරුවන් පිළිබදව යම් තොරතුරක් ලබාදෙනු ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසා තිබෙනවා.

පොලිස්පතිවරයා පැවසූ අන්දමට තමාට අසාද් සාලි දුරකථනයෙන් අමතා පොලිස්පතිවරයාගේ පණිවුඩය දැනුම් දුන් බව ද සහකාර පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළා.

එහිදී තම්සීන් නැමැති මවුලවිවරයෙකු හරහා සැකකරුවන් දෙදෙනෙකු ගෙනවිත් භාරදීමට කටයුතු කරන බවට අසාද් සාලි පැවසූ බවත් පොලිස් අධිකාරී තෙන්නකෝන් කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

කොමිසම සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කර ඇත්තේ ඔහු විසින් සැකකරුවන් භාර නොදුන් බවයි.

එහිදී තමන් අසාද් සාලිට දුරකථන ඇමතුමක් ලබාදී සැකකරුවන් භාර නොදුන් බව දැන්වූ බවත් එහිදී ඔහු එම ඇමතුමට තුන් වන පාර්ශවයක් සම්බන්ධ කර ගත් බවට සැක සිතුණු බැවින් තමා එම ඇමතුම විසන්ධි කළ බවත් සහකාර පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

තවද සහකාර පොලිස් අධිකාරීවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇත්තේ පොලිස් නිලධාරීන් විසින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර පාස්කු ප්‍රහාරය සිදුවන තෙක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට අසමත් වූ බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top